Thursday, November 3, 2011

ජංගම දුරකථනයේ පෙරළිකාර විප්ලවය



නිවිටන්ගේ ගුරුත්වාකර්ෂණයද, රයිටි සහෝදරයන්ගේ ගුවන් යානයද සොයාගනිද්දි ඇලෙක්සැන්ඩර් ග්‍රහැන්බෙල් දුරකථනය සොයාගන්නා ලදි. එතෙක් සිට මෙතෙක් කාලය තුළ මානවංශ කතාව යම්කිසි විප්ලවයකට බදුන් කළ අතර ධනවාදය තුළ වේගයෙන් සංවර්ධනය වන්නට ව්ය.1970 දශකයේ ලොව පුරා ව්‍යාප්තවන්නට යෙදුණි. 80 අග භාගය හා 90 දශකය වන විට ග්‍රී ලංකාව තුළ ප්‍රචලිත විය. වර්ථමානය වන විට එය ජංගම දුරකථන බවට පත් විමට හේතු වනුයේ
1.) වාණිජ ධනවාදය නිසා ජංගම දුරකථන වල අවශ්‍යතාවය පිළිඹිබු කරමින් අලෙව්ය සිදු කිරීම.
2.) වේගවත් බව හා රැගෙන යා හැකි ව්මත් සන්නිවේදනය උසස් මට්ටමක පැවතීම.
                                             මෙලෙස ජංගම දුරකථන විකාශණය විය.නියපොත්තක සගවා ගත හැකි පමණේ ජංගම දුරකථන නිර්මාණය වැඩි ඈතක නොවන අතර මෙමගින් SMS, MMS, INTERNET, භාවිතයද දත්ත ගබඩා කිරීම මෙන්ම පරිගණකයක කළ හැකි බොහෝ කාර්යයන් සිදු කළ හැකිය. Smart Phone මීට උදාහරණයකි.
                                           නවීණ තාක්ෂණය භාවිතයටඇති අවශ්‍යතාවය වනුයේ වේගය, සංකිර්ණත්වය, වටපිටාව ආදීය මූලික වේ.කර්යක්ෂමතාව,තරගකාරී අධ්‍යාපන රටාව, දියුණු වෙමින් පවතින තාක්ෂණය ආදීය මෙයට බලපා ඇත. තරුණ පරම්පරාව ගැන විමසීමෙදී නැතුවම බැරි භාණ්ඩයක් බවට පත්ව ඇත.කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් කළ පරීක්ෂණයකට අනුව 15-21 අතර තරුණ තරුණියන් 60% දෙමාපියන්ගෙන් පෝෂණය වේ. ඒත් ජංගම දුරකථන ඔවුන් සතුව පවතී. එයට හේතු වනුයේ
1.) සමාගම් විසින් විලාසිතාවක් බවට පත් කර තිබීම.
2.) තරුණ, තරුණියන්ගේ පංති පරතරය උලුප්පා පෙන්නීම.
3.) කායික උපකරණයක් බවට පත් වීම.
                                       ආදී කරුණු නිසා ජංගම දුරකථනය වර්ථමාන සමාජය තුළ යම්කිසි විප්ලවයක් සිදු කරන්නට යෙදුණි. එය දියුණුවට මෙන්ම පරිහාණියටද හේතු සාධකයක් වී තිබීම කණගාටුදායක කරුණකි.

No comments:

Post a Comment